විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ ඉහළට

විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 34 කින් හෙවත් සියයට 10 ක ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. සැප්තැම්බර් මාසයේ පමණක් මෙරටට විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් අමෙරිකානු ඩොලර් මිලියන 359 ක් එවා තිබේ.එමෙන්ම වෘත්තිය පුහුණු ආයතන සමග මනා සම්බන්ධිකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදෙස් රැකියා සදහා යොමු කිරිමට කාර්යක්ෂම වැඩපිළීවෙලක් සහිත සැලසුමක් ක්‍රියාත්මක කිරීම මඟින් මෙම ප්‍රේෂණ ප්‍රමාණය තවත් ඉහළ නංවා ගත හැකි බව කාර්යාංශය සඳහන් කරයි.

කාලීන පුවත්