ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ට සේවා සැපයීම් වෙනුවෙන් අය කරන මුදල් විදේශ මුදල් වලින්ම අය කර ගන්නැයි දිවයින පුරා සංචාරක සේවා සපයන ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය පෙරේදා (19) රැස් වී ගනු ලැබූ තීරණයකට මත මේ දැනුම් දීම කර ඇත.ඊට අමතරව විදේශ විනිමය එක් රැස් කර ගැනීමේ තවත් ක්රමෝපායන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද අදාළ තීරණ කිහිපයක් මුදල් මණ්ඩලය ගනු ලැබූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.