විධායක ජනාධිපති ධූරය අහෝසි කරන නව කෙටුම් පතක් සජබයෙන් කතානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සඳහා යෝජනා ඇතුලත් කෙටුම්පතක් සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දී තිබේ.විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මුල් කොට ගත් එම කෙටුම් පතට, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විත බව පැවසෙයි.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාලකයන් ජනතාවගෙන් උදුරාගත් ජනතා පරමාධිපත්‍යය නැවත ස්ථාපිත කරවීම මෙම කෙටුම්පතේ අරමුණ බවය.

කාලීන පුවත්