විපක්ෂ නායක කතානායකට “පචයා”කියයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක වරුන් ගේ සාමූහික ඉල්ලීමක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වීමට සූදානම් බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්වයක් ඇති විය.ඒ කතානායක වරයා විපක්ෂ නායක වරයාගේ කතාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟිනි.මෙහි දී විපක්ෂ නායක වරයා කතා නායක වරයාට “පචයා”යන චෝදනාව එල්ල කළ අතර කතා නායක වරයා ද විපක්ෂ නායක වරයාට එම චෝදනාවම එල්ල කළේය.එහි දී “ඒ වෙලාවේ දිනේෂ් ගුණවර්ධන ඇමති තුමත් හිටියා”යනුවෙන් විපක්ෂ නායක වරයා පවසන විට දිනේෂ් ගුණවර්ධන මහතා ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටිනු දක්නා ලදී “ජනාධිපති තුමා කිව්වේ සිය 113 පෙන්නුවොත් ආණ්ඩුව දෙන්නම් කියලා”එහි දී කතා නායක වරයා පවසන විට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ “අපිට එතුමා ආණ්ඩුව දෙන්න ඕන නෑ.අපිට ගන්න පුළුවන්. අපට 113 තියෙනවා” යනුවෙනි

කාලීන පුවත්