විදේශ ගමන් බලපත්ර දෙකක් භාවිත කළේ යැයි යන චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්රී සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි 08දා දක්වා කල් දැමීමට මීගමුව මහේස්ත්රාත් අධිකරණය අද (23) නියෝග කළේය.ඒ, එම නඩුව මීගමුව ප්රධාන මහේස්ත්රාත් අමිල ආරියසේන මහතා හමුවේ අද (23) කැඳවූ අවස්ථාවේදියි.අක්රිය ගමන් බලපත්රයකින් විදේශගත වීමට උත්සාහ කර ආගමන විගමන පනත උල්ලංඝනය කල බවට චෝදනා කරමින් මන්ත්රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි. 2015 වසරේ ඔක්තොම්බර් 23 දින විමල් වීරවංශ මහතා විදෙස් ගතවීම සඳහා කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත ඉදිරිපත් කළ විදේශ ගමන් බලපත්රය පරිගණක පද්ධතියට යොමුකර පරීක්ෂා කිරීමේදී එය අක්රිය ගමන් බලපත්රයක් බවට තහවුරු වී ඇත.ආගමන විගමන නිලධාරීන් ඒ බව දැන්වීමෙන් පසු වලංගු විදේශ ගමන් බලපත්රය රැගෙන එන බව පවසමින් විමල් වීරවංශ මහතා ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලයෙන් පිටත්ව ගොස් ඇත.ඒ අනුව විදේශ ගමන් බලපත්ර දෙකක් භාවිත කළේ යැයි යන චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුව පවරනු ලැබීය.