අද(10) පස්වරුවේ නුගේගොඩ ජුබිලිකණුව පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථයෙන් බැස පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරල මහත්මියගේ නිවසේ පැවති සාකච්ඡාවකට සහභාගී වී පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා දෙසට පැමිණ පරුෂ වචනයෙන් බැන වැදී ඔහුට පහර දීමට උත්සාහ කොට තිබේ.ඒ අවස්ථාවේ ආරක්ෂක නිළධාරීන් විසින් එම ප්රහාරය වළකා මන්ත්රීවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කොට ඇත.