වියදම් පිරිමහ ගන්න තානාපති කාර්යාල වැසීම අරඹයි

විදේශ සේවය සදහා වැය කරන මූල්‍ය ප්‍රතිපාදන අවම කිරීමේ පියවරක් ලෙස නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ සහ සයිප‍්‍රසයේ කොන්සයුලර් කාර්යාල දෙක වසා දැමීමට රජය තීරණය කර තිබේ.මීට අමතරව තවත් තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල කිහිපයක්ම වසා දැමීමට ද රජයේ අවධානය යොමුව තිබේ.එසේ වසා දැමෙන තානාපති කාර්යාල අදාළ රටවල සබඳතා පවත්වාගෙන යාම සඳහා ආසන්න රටවල ඇති තානාපති කාර්යාල වෙත පැවරීමට ද තීරණය කර ඇත.

කාලීන පුවත්