මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ(12) නියෝග කළේය.එම එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව ගොනු කර තිබූ මෙම නඩුව මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක (01) මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් විභාග කරන ලදී.මෙම නඩු තීන්දුවෙන් පසුව අදහස් පළ කළ රන්ජන් රාමනායක මහතා පවසා සිටියේ මෙම නඩුව එක්තරා දේශපාලන හස්තයක් මඟින් තමන්ට එරෙහිව එල්ල කළ අභූත චෝදනාවක් පදනම් කොට පවරා තිබූ බවය.කෙසේ හෝ කෙදිනක හෝ සත්‍යය ජය ගනු ඇත යන නියමය මෙම නඩුවේ තීන්දුව සම්බන්ධ්යෙන් ද සනාථ වී ඇති අතර ඒ පිළිබඳව ගරු අධිකරණයට හිස නවා ආචාර කරන බව ද ඔහු කීය.එමෙන්ම ගත වූ කාලය තුළ මෙම නඩුව සඳහා රුපියල් ලක්ෂ අසූවක පමණ මුදලක් වැය වූ බව කී රන්ජන් රාමනායක මහතා එම කාලය තුළ තම විදේශ සංචාර නතර කොට පවා මෙම නඩුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදු වූ බවත් කීය.