විශ්‍රාමික දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අදාළ චක්‍රලේඛය ඊයේ (07) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ.

කාලීන පුවත්