විශාල ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහළට

නුදුරු දිනයක දීම රජය විදුලි ගාස්තු ඉහළ නංවන බවත් එය බොහෝ දෙනකු නොසිතන විශාල ගාස්තු වැඩි වීමක් විය හැකි බවත් ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

මේ වන විට විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ ඉන්ධන මත පදනම් ව බැවින් ඊට සාපෙක්ෂව විදුලි ගාස්තු ඉහළ නොනැංවීම මත ලංකා විදුලි බල මණ්ඩලයට එම පාඩුව දරා ගත නොහැකි වනු ඇතැයි ද ඒ මහතා කීය.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන කර්මාන්ත හා ව්‍යාපාර හිමියන් පෙන්වා දෙන්නේ එම විදුලි ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව තම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් ද ඉහළ දැමීමට අනිවාර්යෙන්ම සිදු වන බවකි.

.

කාලීන පුවත්