“විස්ස” අවලංගු කිරීමට අගමැති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

වත්මන් රජය විසින් 2020 වසරේ සම්මත කරගත් 20 වැනි සංශෝධනය ඉවත් කොට පසුගිය යහපාලන රජය විසින් සම්මත කරගත්19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඊයේ (25) පැවැති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමි විය.ඒ සඳහා වන යෝජනව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.වත්මන් 20 වැනි සංශෝධනය මඟින් 19 වැනි සංශෝධනය තුළ ඇතුළත් ව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී කොටස් අහිමි සහ අව ප්‍රමාණ වූ බවට ඉකුත් කාලය පුරාවටම රජයට සිවිල් සමාජය වෙතින් චෝදනා එල්ල විය.

කාලීන පුවත්