මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භ කරමින් වී අලෙවි මණ්ඩලය ඊයේ(18) වී කිලෝග්‍රෑම් දෙලක්ෂ නවදහස් හය සීයයක් මිලදී ගෙන තිබේ. දැනට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්‍රික්ක කිහිපයක ගොවින්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55ක් ඊයේ දිනය තුළ විවෘතව තැබිමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබුණි.නමුත් වී අලෙවි මණ්ඩලය විසින් දැනට වී සඳහා ගෙවන මිල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඇතැම් ගොවීන් පවසන අතර තවත් පිරිසක් පවසනුයේ ඉතිහාසයේ වැඩිම මිලකට වී අලෙවි මණ්ඩලය වී මිලට ගන්නා පසුබිමක එය ව්‍යවර්ථ කොට කුණු කොල්ලයට වී මිලට ගැනීමට සැලසුම් කොට හිඳින මහා පරිමාන සහල් මෝල් හිමියන්ගේ කුමන්ත්‍රණයක් මේ තුළ ක්‍රියාත්මක වන බවකි.