වී අළෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමේ වැඩසටහන මෙවර සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බවත් වී මෙට්‍රික් ටොන් මිලියන 3 ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මේ වන විට වී මිලදී ගැනීමේ කටයුතු සඳහා ගබඩා 95 ක් විවෘතව පවතින බවත් වී අලෙවි මණඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි. නමුදු මණ්ඩලය ප්‍රමිතිගත වී පමණක් මිලදී ගන්නා බව කී සභාපති වරයා ගොවියාට ඉහළ මිලක් ලබා දෙමින් දිනපතා වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බව ද කීය.ඒ කොළඹ ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකදීය