ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන ( පූර්වගාමී ) මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 27 නියම කළේය.

ඊට අමතරව රුපියල් ලක්‍ෂයක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් අමතර තවත් හය මසක සිර දඬුවමක්ද ලබා දෙන ලෙසද නියෝග කර තිබේ.

නීති විරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ චෝදනාව විභාගයට ගැනීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් මහතා මෙම නියෝගය අද නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

කාලීන පුවත්