ශ්‍රී පාදයට මහ සෙනඟක්

සති අන්ත නිවාඩුවත් සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.පී.එස්. වීරසේකර කියා සිටියේය.

වන්දනාකරුවන් පැමිණි වාහනවලින් නල්ලතන්නිය නගරයේ සියලුම රථගාල් පිරීගොස් ඇති බවත්, සෙසු වාහන නල්ලතන්නිය මරේ මංසන්ධියේ සිට ලක්ෂපාන වතුයාය දක්වා කිලෝමීටර් 4ක් පමණ දුරට මාර්ගයේ එක් පසක ගාල් කර ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

කාලීන පුවත්