ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් තිබෙනවා

ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම සතුටු දායක මට්ටමකින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි.ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත් බවත් උත්සාහයේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත් ආර්ථික වර්ධනය සුබදායි වීම උද්ධමනය අඩු වීම, ජාත්‍යන්තර සංචිත වර්ධනය වීම ආදායම් ශක්තිමත් වීම මත ඒ බව තහවුරු වන බවත් ඇය පවසයි “නමුත් සමහර අවදානම් සහගත තත්වයන් තවමත් තියෙනවා. ඒ නිසා ඒවා පිටු දැක ප්‍රතිසංස්කරණ තිරසරව පවත්වාගෙන යාම වැදගත්'” යැයි ද ඇය පැවසුවාය. එළැඹෙන ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ජනතාව තීරණය කළ යුතු දෙයක්.නමුත් ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම අර්බුදයකින් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම ප්‍රමුඛ කරුණක්. රට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදිලා නැහැ.ඒ නිසා අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීමත් වැදගත්” යැයි ද ඇය පවසයි.

කාලීන පුවත්