එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වී තිබේ. ඒ අනුව ඊට අදාළව අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පැවැති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාව එම කවුන්සලය සඳහා තෝරාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය වෙත තේරී පත්ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට එළඹෙන 2025 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධුර කාලයක් හිමිවන අතර ශ්‍රී ලංකාව ලබාගත් මෙම ඡන්ද ප්‍රමාණය කලාපයේ රටක් ලබාගත් දෙවැන ඉහළම ඡන්ද ප්‍රමාණය බවද සමස්තයක් ලබාගත් 7වැනි ඉහළම ඡන්ද ප්‍රමාණය බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව මීට පෙර 1985-1989 සහ 2006-2008 දක්වා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය සඳහා තේරී පත්වී තිබේ.