සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය මඟින් 2030 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වන බව නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සදහන් කරයි.මෙම ව්‍යාපෘතිය අරණායක සහ නාවලපිටිය ප්‍රදේශවල පිහිටුවන ජලාශ දෙකක් කිලෝමීටර් 2.5ක උමං මාර්ගයකින් සම්බන්ධ කර ක්‍රියාත්මක වන මහා පරිමාණ බලශක්ති ගබඩා කිරීමේ පද්ධතියකි.එමගින් මෙරට පුර්ජනනීය බලශක්තිය කරා යන ගමනේදී පොසිල ඉන්ධන මත යැපීම අඩු කර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමේ ඉලක්කය සපුරන බවද විදුලි බල මණ්ඩලය පවසයි.