ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන් සඳහා හදිසි දුරකථන අංකයක්

සංචාරයක් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවයක දී දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.ඒ අනුව 071 8592651 දුරකථන අංකය ඇමතීමෙන් ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවයන් දැනුවත් කළ හැකි ය.වත්මන් තත්වය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවදානම් තත්වයන් දැනුම් දීමට සහ යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනී යන්නේ නම් මේ අංකය සෘජුවම අමතන ලෙස ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

කාලීන පුවත්