කුරුණෑගල මාස්පොත සහ අතුරුගිරිය ඉන්ධන පිරවුම්හල් වල ඇති වූ තත්වයන් හිදී පොලීසිය ක්රියා කල ආකාරය පිළිබඳව සැලකිල්ලට ගෙන මහජනතාව තුළ නැවත විශ්වාසය තහවුරු කෙරෙන ආකාරයට පොලීසිය ක්රියා කළ යුතු බවත්.දිනෙන් දින උත්සන්න වන ඉන්ධන පෝලිම් සහ ජනතාව මුහුණ දී සිටින අනෙකුත් අර්බුද හමුවේ පොලීසිය සහ ආරක්ෂක අංශ ක්රියාකාරීත්වය නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහාම කටයුතු කළ යුතු බවත් එසේ නොවුණහොත් දැඩි අනතුරු දායක තත්වයක් ඇති විය හැකි බවත් ශ්රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවයි.එම සංගමයේ සභහපති සහ ලේකම් යන දෙදෙනාගේ අත්සනින් යුතුව ඊයේ (18) මෙම නිවේදනය නිකුත් කර තිබේ.