ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිම ගැටුමක් නොමැති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රාජපක්ෂ වරුන්ම නොවන බව ගම් මට්ටමේ ජනතාව දැන් වටහා ගෙන ඇතැයි ද ඔහු කියයි.මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිට ගෙන ඇති බවත් ජනපති සහ පොහොට්ටුව අතර ගැටුමක් තිබෙන බවට උලුප්පා පෙන්වන්නට සමහරුන් උත්සාහ ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දුන්නේ ඔහුගේ පලපුරුද්ද අභියෝගවලට මුහුණදීමේ හැකියාව ගැන හොඳින් සොයා බැලීමෙන් පසුව මිස ආවට ගියාට නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වරයා ප්‍රසිද්ධියේම විවේචනය කිරීම මඟින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් රාජපක්ෂවාදී කණ්ඩායමක් වෙන් කර ගැනීමේ බලවත් උත්සාහයක යෙදෙන බව ද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.