ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) නිකුත් කළ කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (28) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය.මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් බරපතල විග්රහයක යෙදෙන පිටු 95කින් සමන්විත මෙම වාර්තාව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණ.එමෙන්ම වර්තමාන රජය විසින් සිදු කරන මූල්‍ය ගනුදෙනු වල පාරදෘශ්‍ය භාවය පිළිබඳව මේ වන විට විවිධ පාර්ශයන් ගේ බරපතල චෝදනා එල්ල වී තිබේ.