ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට ඉන්දීය සහාය

ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට ඉන්දීය සහාය වෙරළබඩ සුළං සහ ජෛව ස්කන්ධ ඇතුළු සූර්ය බලශක්තිය සහ සුළං බලය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇත.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව දිවයිනේ නැගෙනහිර පළාතේ සූර්ය බලාගාරයක් ඉදිකිරීමට ඩොලර් මිලියන 72 ක සමස්ත ආයෝජනයක් සිදු කර ඇතැයි ඉන්දියාවේ පළවන ඩෙකැන් හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබේ.ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සහ රාජ්‍ය ව්‍යවසායකයින් සමඟ සහයෝගයෙන් උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථානවල යටිතල පහසුකම් අඛණ්ඩව සම්ප්‍රේෂණය කිරීමට ඉන්දියාව කටයුතු කරන බව එම වාර්තාවේ සඳහන් වේ.මේ යටතේ අතිරේක මෙගාවොට් 85 ක සූර්ය බලශක්ති උත්පාදන බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කෙරෙන බව ද එහි සඳහන් ය.පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රිකුණාමලයේ මෙය පිහිටුවන බවත් අදියර දෙකකින් එය මෙගාවොට් 135 ක සූර්ය බලාගාරයක් දක්වා වර්ධනය වනු ඇති බවත් ඩෙකැන් හෙරල්ඩ් පුවත්පත වාර්තා කර ඇත.මෙම ව්‍යාපෘතිය මඟින් 2030 වන විට රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට ඉලක්ක කර ඇති බැවින් ඒ සඳදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව ද සඳහන්ය.ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට ඇති හැකියාව මෙතෙක් අවතක්සේරුවට ලක් කිරීම පිළිබඳ මේ වන විට ප්‍රබල සමාජ කතිකාවක් ද පැන නැඟී තිබේ.

කාලීන පුවත්