ශ්‍රී ලංකාවේ පශු සම්පත් සංවර්ධනයටත් ඉන්දීය සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් සුවිසල් කැපවීමක් කළ ඉන්දියාව ශ්‍රී ලංකාවේ බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ගෝපාල් බග්ලේ මහතා අදාල එකඟතාවය පළ කර තිබේ.ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන මේ සමීපතාව දේශීය වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් ද බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී තිබේ.