ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජිනීවා යෝජනාව සම්මතයි

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ 51වන මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ මානව හිමිකම් කඩවීම් පිළිබඳ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වී ඇත.මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ද ඊට විපක්ෂව ඡන්ද 07ක් ලැබී තිබේ.ඒ හැර යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් රටවල් 20ක් වැළකී සිට. තිබේ ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්‍රේනය යන රටවල් එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්ථානය, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කොට තිබේ.ඡන්ද විමසීමේදී ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 20ක් මෙම ඡන්ද විමසීමේදී සිය මතය පළ කිරීමෙන් වැළකී සිට තිබේ. කෙසේ වෙතත් මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූ රණවිරුවන්ව ඉලක්ක කරගනිමින් මානව හිමිකම් සැසිවාරයේදී ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසයි.

කාලීන පුවත්