ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලාංකික පුරවැසියන් එකමුතුව සියලු පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය පවසයි.ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට වගබලා ගැනීමත්, ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඇයගේ ට්විටර් සටහනේ දැක්වේ.එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාව සතු ප්රජාතන්ත්රවාදී අභිලාෂයන් වෙනුවෙන් හැකි සෑම අවස්ථාවකදීම අමෙරිකානු රජය කැපවීමෙන් පසුවන බවත් ජූලි චන්ග් මහත්මිය තැබූ නිල ට්විටර් ගිණුමේ සටහන මඟින් කියයි.