ශ්‍රී ලාංකිකයින් 5800 කට දකුණු කොරියාවේ රැකියා

ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලාංකිකයින් 5800 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කර යැවීම පියවර ගෙන ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යාංශය පැවසුවේ , කොරියානු රැකියා සදහා සුදුසුමක් ලබා ඇති ශ්‍රමිකයින් පිටත් කර යැවීම සම්බන්ධයෙන්, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී මහතා අතර සාකච්ඡාවක් පැවති බවයි.එම සාකච්ඡාවේදී කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානයට යොමුකර තිබේ.එහිදී කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ශ්‍රී ලාංකිකයින් 5800 ක් දකුණු කොරියාවේ රැකියා, ඉදිරි මාස හය තුළ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති 5800ක් දකුණු කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික වී තිබේ.ඒ අනුව, ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන් පසුව එය සතියකට ගුවන් යානා 2 ක් දක්වා වැඩි කිරීමටද නියමිතය.

කාලීන පුවත්