ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු එන්නේ නැහැ

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු එන්නේ නැහැ තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (ජූනි 20) නීතිඥයෙකු මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී ඇත.මෙම දැනුම් දීම කොට ඇත්තේ ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට ගත් අවස්ථාවේදීය.

කාලීන පුවත්