වත්මන් රජයේ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා තීරණය කර ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසනුයේ රජය අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් තම පක්ෂය කළ ඉල්ලීම නොසළකා හැර මේ වන විට අතිශය දරුණු අර්බුදයකට පත් ව ඇති අමාත්‍යංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් අතට පත් කොට ඔවුන් දේශපාලන අනාථයන් බවට පත් කිරීමේ රජයේ කූටෝපායට ශාන්ත බණ්ඩාර මන්ත්‍රී වරයා හසුවීම මත පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසෙන මහතා මෙම තීරණයට එළැඹි බවය.