දරුවකු ගේ සමස්ත අධ්‍යාපනික ජයග්‍රහණ පිළිබඳ නියත සාධකයක් නොවන බව මනාව තහවුරු වී ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මුල් කොට දිවයිනේ සහ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රසිද්ධ කර නොතිබීම මත එවැනි දත්ත මාධ්‍ය වෙත ලැබී නැත. කෙසේ වෙතත් ජනතාවගේ ප්රවෘත්ති කුතුහලය සන්සිඳුවීම කෙරෙහි යුහුසුළු වන මාධ්‍ය ප්‍රාදේශීය ප්රවෘත්ති වාර්තා මගින් විවිධ ප්‍රදේශවලින් වැඩිම ලකුණුගත් ශීෂ්‍යත්ව සමතුන් ගැන තොරතුරු වාර්තා කිරීමට පටන් ගෙන තිබේ.ඒ අනුව ඊයේ(17) සවස වන විට මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ප්‍රතිඵලය ලද දරුවන් පස් දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා කොට තිබේ.ඒ කෙසේ හෝ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මුල් කොට එක් දරුවන් කොටසක් තුළ අධිමානයක් සේම තවත් දරුවන් කොටසක් තුළ හීනමානයක් ජනිත කරවීම සමාජයට අතිශය අවැඩදායක බව මනෝ විද්‍යාත්මක මට්ටමින් පවා සනාථ වී ඇති පසුබිමක විභාග දෙපාර්තමේන්තුව ගත් ඒ පියවර අතිශය සාධනීය බව විද්වත් සේම බුද්ධිමත් ගුරු දෙගුරුන් ගේ මතය වී තිබේ.