විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය වඩාත් පුළුල් කරමින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සහ සුළු පක්ෂ සමඟ සිදු කරන ද්විපාර්ශ්වික සාකච්ඡා එළඹෙන සතියේ සිට නිල වශයෙන් සිදු කිරීමට නියමිතය.ඒ සඳහා සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු පත්කර ඇතැයි ද පැවසේ.මේ වන විට ජනතාව මුහුණ දී ඇති දැවෙන ප්‍රශ්න සඳහා තිරසාර විසඳුම් ඉදිරිපත් කිරීම අරමුණු කරගත් මෙම එම සන්ධානය ජනවාරි 11 වැනිදා නිලවශයෙන් ලියාපදිංචි කිරීමට ද සැලැසුමක් ඇතැයි ද වාර්තා වේ.