නත්තල් උත්සව සමය ආරම්භ වී තිබේ. සත්ත්ව අවිහිංසාවාදීන්, මානව හිතවාදීන් ඇතුළු ඇතැමුන් දක්වන අදහසක් වන්නේ ලොව පුරාම වසරේ මේ සමයේ දී වෙනත් සමයකට වඩා මස් පිණිස සතුන් බහුල වශයෙන් ඝාතනය වීම සිදුවන බවය. ඔවුන් නගන ප්රශ්නය වන්නේ කිතු දහම තුළ සතුන් මරා දැමීමට අවසර දී තිබේද යන්නය. මේ තත්ත්වය ජේසුස් වහන්සේගේ දයානුකම්පාවට පටහැණි කාරණයක් නොවන්නේ ද යන්න තවත් පිරිසක් ප්‍රශ්න කරති. මෙය බොහෝ කාලයක් තිස්සේ දේව ධර්මානුකූල සහ ආචාරධර්මානුකූල ගැටලුවක් වශයෙන් දීර්ඝව සාකච්ඡාවට බඳුන් වූවක් බව පෙනී යයි. බයිබලයේ පළමු ගිවිසුමේ ‘නික්මයාම’ පොතෙහි 20 වැනි පරිච්ඡේදයේ සඳහන් සුප්‍රකට දස පණතෙහි 13 වැනි පදයේ ‘මිනී නොමරව’ යන්න ලතින් බසින් සඳහන් වන්නේ Non occides ලෙසින් වන අතර එහි ඉංග්‍රීසි අරුත දක්වා ඇත්තේ Thou shalt not kill ලෙසිනි. ඇතැම්හු kill යන්න අර්ථ දක්වා ඇත්තේ කිසිදු සත්ත්වයකු ඝාතනය නොකරන්නට නියම කර ඇති බව ලෙස වන අතර පසුකාලීනව එය ‘මිනිසුන් ඝාතනය නොකරන්න’ යැයි අණ කළ බවට වෙනස් කරගෙන ඇති බව ද පවසති. එය මැවිල්ලට ඇතුළත් සියල්ලට ජේසුස් වහන්සේ දැක්වූ දයානුකම්පාවට ඉඳුරාම වෙනස් මතයක් ඉස්මතු කිරීමක් බව ද මේ සම්බන්ධව සංවාද කරන්නෝ පවසා සිටිති.
සය වැනි ආඥාව වන Non occides යන්න සාම්ප්‍රදායිකව අර්ථ දක්වා ඇත්තේ මිනිස් ජීවිතය යන සන්දර්භය උදෙසා බව මේ සම්බන්ධව කිතුණු විද්වතුන් දක්වා ඇති අදහස් මගින් පැහැදිලි වේ. මේ ආඥාව මුල්ම හෙබ්‍රෙව් බසින් දක්වා ඇත්තේ ratsach ලෙසින් වන අතර එයින් අරුත් ගැන්වෙන්නේ අනර්ථයේ සිදුවන මිනිස් ඝාතනයක් යන්න බව කිතුනු විද්වතුන් විස්තර කොට තිබේ. ඇතැම් කිතුනු විද්වතුන් පවසන්නේ මෙය ඉංග්‍රීසි බසට පරිවර්තනය විය යුතුව තිබුණේ Thou shalt not kill ලෙසින් නොව Thou shalt not murder ලෙසින් බවය. මන්ද මේ ආඥාව මගින් අර්ථ දක්වා ඇත්තේ අන්තර් පුද්ගල ප්රචණ්ඩත්වය පිළිබඳ මිස සත්ත්ව ඝාතනයෙන් වැළකී සිටීමක් නොවන්නේය යන්න සමග බොහෝ බයිබල් විද්වත්හු එකඟ වීම නිසාය.
පව් සමා කිරීම සංකේතවත් කිරීම සඳහා පැරණි යුදෙව් ආගමේ සිරිත් විරිත් අතර සත්ත්ව බිලි පූජා ප්‍රධාන තැනක් ගත් බව යුදෙව් ඉතිහාසය පිළිබඳ තොරතුරු පරිශීලනයේ දී පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් අලුත් ගිවිසුම තුළ මේ පිළිවෙතේ යම් වෙනසක් සිදුව ඇති බව පෙනී යයි. ජේසුස් වහන්සේගේ මරණය සහ උත්ථානය සමග පරම වූ පරිත්‍යාගය සම්පූර්ණ වූ බව කිතු දහම පිළිබඳ විද්වත්හු පවසති. එබැවින් තවදුරටත් සත්ත්ව බිලි පූජා අවශ්‍ය වූයේ නැත.
ආහාර, බිලි පූජා සහ වෙනත් කාර්යයන් උදෙසා සතුන් භාවිත කළ බවට සාධක පැරණි ගිවිසුමේ බොහෝ තැන්වලින් හමුවන බව මේ සම්බන්ධව ලියැවී ඇති තොරතුරු පරිශීලනය කරද්දී පෙනී යයි. නිදසුනක් ලෙස මහා ගංවතුරෙන් අනතුරුව දෙවියන් වහන්සේ නෝවාට ලබා දුන් උපදේශයක් සඳහන් කළ හැකිය. උප්පත්ති පොතේ 9:3 පදයේ එය සඳහන් වන්නේ, “එහා මෙහා යන පණ ඇති සියල්ල ඔබ සැමට ආහාර වන්නේය.” ලෙසිනි. ඊට අමතරව පැරණි ගිවිසුමෙහි ‘ලෙවී කතාව’ පොතෙහි සඳහන් නීතිවල පුද පූජා පැවැත්වීමේ ක්‍රියාවක් ලෙස සතුන් බිලි දීම පිළිබඳ සඳහන් වේ. මේ ක්‍රියාවන් මගින් පෙන්නුම් කරන්නේ Thou shalt not kill යන්නෙහි මූලික අරුත සත්ත්ව ඝාතනයෙන් වැලකී සිටින්නක් නොවන බව කිතුනු විද්වත්හු පවසති.
පව් සමා කිරීම සංකේතවත් කිරීම සඳහා පැරණි යුදෙව් ආගමේ සිරිත් විරිත් අතර සත්ත්ව බිලි පූජා ප්‍රධාන තැනක් ගත් බව යුදෙව් ඉතිහාසය පිළිබඳ තොරතුරු පරිශීලනයේ දී පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් අලුත් ගිවිසුම තුළ මේ පිළිවෙතේ යම් වෙනසක් සිදුව ඇති බව පෙනී යයි. ජේසුස් වහන්සේගේ මරණය සහ උත්ථානය සමග පරම වූ පරිත්‍යාගය සම්පූර්ණ වූ බව කිතු දහම පිළිබඳ විද්වත්හු පවසති. එබැවින් තවදුරටත් සත්ත්ව බිලි පූජා අවශ්‍ය වූයේ නැත. හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද සංදේශයේ, එනම් හෙබ්‍රෙව් පොතේ 9:28 පදයේ “ බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත් . . .” යනුවෙන් සඳහන් වීම තුළ එය පැහැදිලි වන බව මේ පිළිබඳ තොරතුරු සොයා බලන විට හමු වෙයි. මේ තුළින් බිලි පූජාවන් පිණිස සතුන් ඝාතනය කිරීම ඇකී මැකී ගිය ද, මුල් කාලීන කිතුනු ප්‍රජාව අතර සමාජ ධර්මතාවක් ලෙස පැවති සතුන්ව ආහාරයට ගැනීමේ පුරුද්ද එයින් තහනම් වූ බවක් නොකියවෙන බව කිතුනු දහම පිළිබඳ විශාරදයෝ පවසති.
අලුත් ගිවිසුමේ සුභාරංචි පොත්වල ජේසුස් වහන්සේ නිරූපණය කොට ඇත්තේ මැවිල්ලට අයත් සියල්ල කෙරෙහි ගැඹුරු දයානුකම්පාවක් දැක්වූ පුද්ගල චරිතයක් වශයෙනි. උන් වහන්සේ කුඩාම ගේ කුරුල්ලා (මතෙව් 10:29 – 31) කෙරෙහි දෙවියන් වහන්සේගේ සැලකිල්ල පිළිබඳ කතා කරති. යොහාන් 10:11 පරිච්ඡේදයේ තමා ‘යහපත් එඬේරාට’ සමාන කර දක්වති. මේ උපමාරූපකවලින්, සතුන් යනු දෙවියන් වහන්සේගේම මැවිල්ල ලෙස ජේසුස් වහන්සේ සැලකූ බව පෙන්නුම් කරයි.
කෙසේ නමුත් ජේසුස් වහන්සේ, මාළු (ලූක් 24:42 – 43) සහ බැටලු මස් (ලූක් 22:15) සහිත භෝජන සංග්‍රහවලට සහභාගී වූ අවස්ථාවන් සඳහන් වෙයි. ඒ තුළින් එසමයෙහි ආහාරපාන සම්බන්ධ සිරිත් විරිත් නිරූපණය වේ. ජේසුස් වහන්සේ ශාකමය ආහාර ප්‍රවර්ධනය කළ බව හෝ ආහාරය පිණිස සතුන් මැරීම පිළිකෙව් කළ බව හෝ සුභාරංචිවල සඳහන් නොවන බව බයිබලය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නෝ සඳහන් කරති. ඒ වෙනුවට උන් වහන්සේගේ දේශනා තුළ එයින් ඔබ්බට ගිය ප්‍රේමයේ, දයානුකම්පාවේ සහ සියලු සතුන්ගේ භාරකාරීත්වයේ පුළුල් අර්ථයක් ගැබ්ව ඇති බව කිතුනු විද්වත්හු පවසා සිටිති.
මේ සම්බන්ධයෙන් වාදවිවාදයන්හි පැටලී සිටින්නන් පවසන්නේ ජේසුස් වහන්සේගේ දයානුකම්පිත ආචාරවිධි සමග සතුන් මරා දැමීම නොගැළපෙන බවය. ඔවුහු පැරණි ගිවිසුමේ යෙසායා පොතේ 11:6 – 9 දක්වා පදවල සඳහන් අනාගත සාමකාමී ලොව පිළිබඳ විස්තරය ගෙන හැර දක්වති. එහි “වෘකයා බැටළු පැටවා සමඟ වාසය කරන්නේය, දිවියා ද එළු පැටවා සමඟ ලගින්නේය; වස්සා ද තරුණ සිංහයා ද තර සතා ද එක්ව සිටින්නෝය . . . ” ආදී වශයෙන් සඳහන් වෙයි. එහි සතුන්ට පවා එරෙහි ප්රචණ්ඩත්වයක් නොමැති දිව්‍යමය පරමාදර්ශයක සාධක ඇතුළත් බව මේ සම්බන්ධව සංවාදයේ යෙදෙන්නෝ තර්ක කරති.
කිතු දහම තුළ සත්ත්ව හිමිකම් පිළිබඳ සංවාදයේ යෙදෙන්නන් එය බොහෝ විට අර්ථ දක්වා ඇත්තේ ජේසුස් වහන්සේගේ දයානුකම්පාව (“දයාවන්තයෝ ආශීර්වාද ලද්දෝය” – මතෙව් 5:7) පෙන්වා දෙමිනි. එයින් සියලු සත්ත්වයින් කෙරෙහි කාරුණික බව විහිදුවන බව ඔවුහු පවසති. නූතන කිතුනුවන්ට ඔවුන්ගේ ක්‍රියාවන් සිය ආධ්‍යාත්මික වටිනාකම් වන අනුකම්පාව, යුක්තිය සහ ජීවිතයේ අන්තර් සම්බන්ධිතභාවයට ගරු කිරීම පිළිබිඹු කරන භාවිතයන් වෙනුවෙන් පෙනී සිටීම සමඟ පෙළගස්වන ලෙස ඔවුහු අභියෝග කරති.
අනෙක් අතට, සාම්ප්‍රදායික අර්ථකථනයන් පවසන්නේ ආහාර සහ අනෙකුත් මිනිස් අවශ්‍යතා සඳහා සතුන් යොදා ගැනීම මැවීම කෙරෙහි මනුෂ්‍යත්වයට ලබා දී ඇති ආධිපත්‍යය පිළිබඳ බයිබලානුකුල දෘෂ්ටිය සමඟ සමපාත වන බවය. (උත්පත්ති 1:26-28). කෙසේ වෙතත් මෙයින් අර්ථ දක්වා ඇත්තේ සූරාකෑමකට වඩා භාරකාරීත්වයක් බව බයිබල් විශාරදයෝ පෙන්වා දෙති.
කාලයත් සමග ඇතැම් කිතුනු චින්තකයන් සහ ව්‍යාපාර, සතුන් කෙරෙහි අතිමහත් වූ දයානුකම්පාවක් දැක්වීම පිළිබඳ කරුණු ඉදිරිපත් කොට තිබේ. අසිසියේ සාන්ත ෆ්‍රැන්සිස් වැනි පූජක චරිත සතුන් ද ‘සොයුරන් සහ සොයුරියන්’ සේ දක්වමින් සියලුම සත්ත්වයින් අන්තර් සම්බන්ධතාවකින් යුක්ත බව අවධාරණය කොට සිටියහ. නූතනයේ දේවධර්මධරයින් සහ ආචාරධර්මවාදීන්, සත්ත්ව සුබසාධනය සහ පාරිසරික ආචාර ධර්ම වැනි සමකාලීන ගැටලුවලට විසඳුම් ලෙස කිතුනු සාරධර්ම යොදා ගන්නා ආකාරය පිළිබඳ අදහස් දක්වා තිබේ.
නිදසුනක් වශයෙන්, ‘මැවිල්ල රැක බලා ගැනීම’ (creation care) යන සංකල්පය, සතුන් ඇතුළු පරිසරය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම සඳහා මානව වර්ගයාගේ වගකීම ඉස්මතු කරයි. ෆ්‍රැන්සිස් පාප්තුමා මහජනයා වෙත නිකුත් කළ Laudato Si’ මගින් සතුන්ට සහ පරිසර පද්ධතිවලට හානි කරන භාවිතයන් නැවත සලකා බලන ලෙස කිතුනුවන්ට අභියෝග කරමින් දෙවියන් වහන්සේගේ සියලුම මැවීම්වලට ගරු කිරීමේ සදාචාරාත්මක බැඳීම අවධාරණය කරයි.
බයිබල් විද්වතුන්ට අනුව සතුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ධර්මයේ ස්ථාවරය ඓතිහාසික, සංස්කෘතික සහ දේවධර්මීය සන්දර්භයන් තුළ සූක්ෂ්ම හා මුල්බැස තිබෙන කාරණයකි. Thou shalt not kill යන ආඥාව මූලික වශයෙන් මිනිස් ජීවිතයට අදාළ වන අතර, ආහාර හෝ වෙනත් අරමුණු සඳහා සතුන් මැරීම බයිබලයේ පැහැදිලිවම තහනම් කර නැත. ඒ අතරම, ජේසුස් වහන්සේගේ ප්‍රේමය, දයාව සහ භාරකාරත්වය පිළිබඳ ඉගැන්වීම්, දෙවියන්වහන්සේගේ සියලුම මැවිලිවලට සලකන ආකාරය ගැන මෙනෙහි කිරීමට කිතුනුවන්ට ආරාධනා කරයි.
ක්‍රිස්තියානි ධර්මය සත්ත්ව සුබසාධනය සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ ගැටලු සමඟ අඛණ්ඩව කටයුතු කරන බැවින්, ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් සියලු සතුන් කෙරෙහි අනුකම්පාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීම සඳහා පදනමක් සපයන බව ඔවුහු පවසති. ඒ දෙස එවැනි පුළුල් අර්ථයකින් මිස පටු කෝණයකින් නොබලන ලෙස කිතු දහම පිළිබඳ විශාරදයෝ ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් කිතුනු විද්වතුන් පවසන පරිදි සතුන් මැරීම ජේසුස් වහන්සේගේ ඉගැන්වීම්වලට පටහැණි ද යන ප්රශ්නය රඳා පවතින්නේ යමෙකු පුළුල් බයිබල් ආඛ්‍යානය අර්ථකථනය කරන ආකාරය සහ එය සමකාලීන සදාචාරාත්මක අභියෝගවලට අදාළ කරන්නේ කෙසේද යන්න මතය. ක්‍රිස්තියානි ධර්මය සත්ත්ව සුබසාධනය සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ ගැටලු සමඟ අඛණ්ඩව කටයුතු කරන බැවින්, ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් සියලු සතුන් කෙරෙහි අනුකම්පාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීම සඳහා පදනමක් සපයන බව ඔවුහු පවසති. ඒ දෙස එවැනි පුළුල් අර්ථයකින් මිස පටු කෝණයකින් නොබලන ලෙස කිතු දහම පිළිබඳ විශාරදයෝ ඉල්ලා සිටිති.
කෙසේ වෙතත් කිතුනු ලියවිලි මගින් ආහාර පිණිස සත්ත්ව ඝාතනය යම්කිසි සාධාරණීකරණයකට ලක් කරමින් නිර්දේශ කොට තිබුණ ද එයින් සත්ත්ව ඝාතනය අනුමත කිරීමක් සිදු නොවන බව සඳහන් කළ යුතුය.
නිරංජන් චාමින්ද කරුණාතිලක