ඉතා අකාරුණික ලෙස නිවෙස් වලින් මහ මඟට සත්ව කරුණාව සහිත පවුල් වෙසෙන නිවෙස් සොයා දීමේ අරමුණින් සංවිධානය කළ සුනඛ පැටවුන් දන්සලක් වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තේ ඊයේ (23) පානදුර නගරයේදී පැවැත්විණි..පානදුර සැලී සංවිධානය පානදුර නගර සභාවේ ද සහාය ඇතුව මෙම දන්සල සංවිධාන කර තිබිණි.මහ පාරේ අසරණව සිටින සුනඛ පැටවුන් එක් කර ඔවුන් ලියාපදිංචි කර, එන්නත් කිරීම සහ ගැහැනු සතුන් වන්ද්‍යාකරණයට ලක් කර පැමිණෙන අයට භාර දීම මෙහි දී සිදු කරන ලදී.ඊයේ පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා මෙම දන්සල පැවැති අතර බලු පැටවුන්ට සරණක් වීමට කැමැති පරිත්‍යාගශීලීන් බොහෝ දෙනකු මේ අවස්ථාවට පැමිණ සුනඛ පැටවුන් රැගෙන යන අයුරු දක්නට ලැබිණි.අශානි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සැලී සංවිධානය මෙවැනි සද්කාර්යයන් රැසක් ඉටු කර තිබෙන සංවිධානයකි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අහිංසා ශ්‍රී ලංකා සත්වකම් සහ සුබසාධක සංවිධානයේ අධ්යක්ෂ( ව්‍යාපෘති සහ මෙහෙයුම්) හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ මහතා පවසා සිටියේ මෙය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය වන මානව බුද්ධි පරිනාමය මත පිබිදෙන සත්ව අහිංසා නව ප්‍රවණතාව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළට පැමිණි බව නියත ලෙසම අඟවන සුබ ළකුණක් බව ය.එමෙන්ම මෙම ආකෘතියේ සුනඛ පැවවුන් දන්සල් පිළිබඳව මීට පෙර ද අසන්නට ලැබුණ ද වෙසක් උත්සවය මුල් කොට මෙවැන්නක් පිළිබඳව තමන්ට දැන ගන්නට ලැබුණු මුල්ම අවස්ථාව මෙය බව ද මහාචාර්ය වරයා කීය.”බුදු දහම කියන්නේ මිනිසුන්ට ආදරය කරුණාව දයානුකම්පාව දැක්විය යුතුය යන පොදු ආගමික සීමාව ඉක්මවා බොහෝ දුරකට විහිදුණු ගැඹුරු ශාස්තෲ දේශනාවක්.එහි දී අන්‍යයන් කෙරෙහි අප මෛත්‍රී වැඩිය යුත්තේ ජීවිතය කියන සාධකය මත පදනම් ව මිස මිනිස් තිරිසන් ආදී භේද අනුව නොවන බව කරණීය මෙත්ත ආදී සූත්‍ර මඟින් මනාව තහවුරු වෙනවා.ඒ අනුව වෙසක් පුන් පොහොයක් මුල් කොට අභය දානමය පින්කමක් වශයෙන් සළකා මෙවැනි දන්සලකින් සුනඛ පැටවකු නිවසට ගෙන ගිය පසු ඒ මතකය ඒ නිවැසියන් තුළ දිගු කාලීන පවතිනවා.ඒ අනුව මේ නව සුනඛ පැටවුන් දන්සල් සංකල්පය බෞද්ධ ආගමික සංස්කෘතික පසුබිමට අනුවම කිව හොත් “සාධුකාර දී පින් අනුමෝදන් කළ යුතු වැඩක් යැ”යි ද මහාචාර්ය වරයා කීය.