දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව මෙවර සති අන්තයේ ද ක්‍රියාත්මක කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය පවසයි විදුලි බලාගාර වලට ප්‍රමාණවත් ඩීසල් සහ නැප්තා තොග නොලැබීම ඊට හේතුව බව ද මණ්ඩලය වැඩි දුරටත් දන්වා සිටියි.මෙතෙක් විදුලි කප්පාදු කොළඹ නගර සීමාවට ද විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.නමුත් අවශ්‍ය තරම් ඉන්ධන තොග ලැබුනහොත් අද(05) දිනයේ සිට විදුලි කප්පාදුවේ යම් අඩු කිරීමක් සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.ඒ අනුව ලැබෙන ඉන්ධන මත පදනම්ව සැලසුම්කර ඇති විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ කාල සීමාව අඩු කිරීමට කටයුතු කරන බව පැවසූ එහි සභාපති ජනක රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් දැනට කිසිවක් කිව නොහැකි බව ද කීය.