සති දෙකකින් සම්මුතිවාදී සර්ව පාක්ෂික ආණ්ඩුවක්; අගමැතිකම සජිත්ට ?

රට තුළ පවත්නා අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම පිණිස ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන ලෙස සම්මුතිවාදී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය සියළුම පක්ෂ වලට ආරාධනා කොට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ වැඩි ප්‍රමාණයක් ඊට එක් වීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ දෙවන විශාලතම පක්‍ෂය වන සමගි ජනබලවේගය සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ නම් එහි අග්‍රාමාත්‍ය ධුරය සජිත් ප්‍රේමදාස මහතාට හෝ එම පක්ෂයෙන් නම් කරන ලද පුද්ගලයකුට ලබාදීමට ද සාකච්ඡා වෙමින් ඇත.එසේ වුවොත් දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන දිනේෂ් ගුණවර්ධන මහතාගේ ධුරයද ඉවත් වීමට වැඩි ඉඩකඩක් තිබේ.

කාලීන පුවත්