සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?

 

මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් මාලාවක් හඳුන්වා තිබේ. අලුත් අවුරුද්දේ ප්‍රධානතම නැකත වන ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය අප්‍රියෙල් 13 වන දා මධ්‍යම රාත්‍රිය පසුවී එළඹෙන දොලහයි හයට යෙදීම ඒ සම්බන්ධ ලොකුම අනුවණ කමය.ජන වහරට අනුව කිව හොත් මෙලෙස “යක්කු ගස් යන වේලාවට” ගෙවල් තුළ කොටුවී සිටින්නවුන්ට “ඇල්ලිය හැකි වැඩය” කුමක්ද යන්න පිළිබඳ අශ්ලීල කතා ද සමාජ ජාල ඔස්සේ පැතිර යනු පෙනෙයි.නමුත් මෙම නැකත් හඳුන්වා දුන් අනුවණයන් ගෙන් සිදුව ඇති බරපතලම හානිය නම් එවැනි වේලාවක රතිඤ්ඤා මඟින් අධික ශබ්ද දූෂණයකට ඉඩ හසර පාදා දීම ය. Fireworks යන ව්‍යවහාරික නමින් හඳුන්වන පයිරොටෙක්නික් (Pyrotechnics )නම් ගිනි කෙළි කලාව සෞන්දර්යාත්මක සහ විනෝදාස්වාදය සඳහා භාවිතා කරන පුපුරන ද්‍රව්‍ය භාවිතයකි.ගෘහස්ථ වශයෙන් භාවිතා වන එවැනි ගිනිකෙළි සංදර්ශන බොහෝ සංස්කෘතික හා ආගමික උත්සවවල දී ද කැපී පෙනෙයි.ගිනිකෙළි මුලින්ම සොයාගනු ලැබුවේ ලොව මුලින්ම පුපුරන ද්‍රව්‍ය( Explosives ) සොයා ගත් චීන ජාතිකයන්ම ය. ක්‍රි.ව අටවන සියවසේ කළ ඒ සොයා ගැනීම මුල් කොට තවමත් ලොව පුරා ජීවිත සහ දේපල විනාශය සහ සන්නිවේදන කටයුතු උදෙසා වෙඩි බෙහෙත් යොදා ගැනේ.

අද රටේ ජනගහණය ශීඝ්‍රයෙන් ඉහල ගොස් නාගරික සහ අර්ධ නාගරික මානව ජනාවාස වල වැඩි පිරිසක් වෙසෙති.ඒ පසුබිම තුළ එවැනි ප්‍රදේශවල එක් වර රතිඤ්ඤා වැඩි ප්‍රමාණයක් එක් වර දැල්වීම බොහෝ දෙනකු සිතනවාට වැඩි අන්තරායකාරී තත්වයකි.මෙම අහිතකර තත්වය බලපාන්නේ මිනිසුන්ට පමණක් නොවේ.

ගිනි කෙළි කලාව යනු එහි සෞන්දර්යාත්මක සහ විනෝදාස්වාද භාවිතයකි.දැනට වසර ගණනක සිට අප රටේ ද විවිධ අවස්ථා සඳහා පුපුරන ද්‍රව්‍ය භාවිතා විය.විශේෂයෙන් එවක මඟුල් උත්සව වල විශේෂ අවස්ථා වල රතිඤ්ඤා දැල්වීම කරන ලදී.එහෙත් එහි යම් අරුතක් ද තිබිණ.එනම් එසේ විවාහ වන තරුණයා හෝ තරුණිය විවාහයකට සුදුසු පවිත්‍ර චරිතයකින් යුතු බව ගම රටට සන්නිවේදනය කිරීම ය.එසේ නොවන තරුණ තරුණියන් ගේ අවාහ-විවාහ කටයුතු හොර රහසේ සිදු වූ බව පැවසෙයි.එමෙන්ම අද මෙන් විද්යුත් සන්නිවේදන ජාල බහුල නොවූ අතීතයේ සිංහල අලුත් අවුරුද්දේ නැකත් සෙස්සන්ට සන්නිවේදනය කිරීම පිණිස ද රතිඤ්ඤා හඬ යොදා ගන්නා ලදී.නමුත් ඇතැමකු අද එය තමන් ගේ ඇති හැකිකම් උජාරුකම් ලොවට පෙන්වන මාධ්‍යයක් කර ගෙන තිබේ.ඒ ඇතුලත හිස් වන තරමට බෙරයේ හඬ දුරට විහිදෙන බව පැවසෙන ගැමි වහර සැබෑ කරමිනි.
ගත වූ අතීතයට සාපේක්ෂව අද රටේ ජනගහණය ශීඝ්‍රයෙන් ඉහල ගොස් නාගරික සහ අර්ධ නාගරික මානව ජනාවාස වල වැඩි පිරිසක් වෙසෙති.ඒ පසුබිම තුළ එවැනි ප්‍රදේශවල එක් වර රතිඤ්ඤා වැඩි ප්‍රමාණයක් එක් වර දැල්වීම බොහෝ දෙනකු සිතනවාට වැඩි අන්තරායකාරී තත්වයකි.මෙම අහිතකර තත්වය බලපාන්නේ මිනිසුන්ට පමණක් නොවේ.

අපට කිසිදු හඬක් නොඇසුණ ද බිම වැතිර සිටින සුනඛයා හිස ඔසවා බලයි. ඒ ඌට සියුම් ශබ්ද පවා ඇසෙන බැවිනි. එබැවින් සියුම් ශබ්ද පවා ඇසෙන මේ සුනඛයා ඇතැම්විට රතිඤ්ඤා හඬ දරා ගැනීමට නොහැකිව ශ්‍රව්‍යාබාධිත වනු ඇත.ඇතැම් විටෙක මරණයට පවා පත්වීමට පුළුවන.

ලොව පවත්නා ස්වාභාවික යුක්ති ධර්මය අනුව පීඩාවෙන් තොරව මේ මහ පෙ‍ාළොව මත ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට සේම සතුන්ට ද ඇත. නමුදු මිනිසා විසින් විවිධාකාරයෙන් සතුන්ගේ ඒ අයිතිය උදුරාගනිමින් හිඳියි. ඉන්ද්‍රිය සංවේදිතාවයෙන් බොහෝ වෙනස්කම් තිබෙන සුනඛයන්ට මිනිසාට වඩා පෙනීම අඩු වුවද මිනිස‍ාට වඩා හොඳින් කන් ඇසීම සිදුවේ. නිවසේ සිටින සුනඛයා සම්බන්ධයෙන් ඔබත් මේ අත්දැකීම් විඳ ඇතිවාට සැක නැත. ඇතැම් විටක අපට කිසිදු හඬක් නොඇසුණ ද බිම වැතිර සිටින සුනඛයා හිස ඔසවා බලයි. ඒ ඌට සියුම් ශබ්ද පවා ඇසෙන බැවිනි. එබැවින් සියුම් ශබ්ද පවා ඇසෙන මේ සුනඛයා ඇතැම්විට රතිඤ්ඤා හඬ දරා ගැනීමට නොහැකිව ශ්‍රව්‍යාබාධිත වනු ඇත.ඇතැම් විටෙක මරණයට පවා පත්වීමට පුළුවන.
කවර ආකාරයකින් ඉදිරිපත් වුව ද මිනිසා ඇතුළු පරිසර පද්ධතීන් කෙරෙහි එල්ල වන අධික ශබ්දය විද්‍යාත්මකවද ශබ්ද දූෂණය ලෙස හැඳිවේ.මෙය ගෘහස්ථ සුනඛයනට බළලුන්ට පමණක් නොව අප ජීවත් වන පරිසරයේ ක්ෂුද්‍ර ප්‍රාණීන්ට සේම මව් කුස කළලයන්ට ද අහිතකට බලපෑම් එල්ල කරයි.එවැනි අධික ශබ්ද නිසා ඔබගේ නිවස අද්දර ගසක ඇති ලේන් කූඩුවක ලේන් මවගේ උණුසුමේ හිඳින කිරිකැටි ලේන් බිළිඳුන් පවා රතිඤ්ඤා වලින් නික්මෙන අධි ශබ්දය මුල් කොට ඇති වන කම්පනයෙන් මරණයට පත් විය හැකිය.එනිසා උත්සව වලට රතිඤ්ඤා අවශ්‍යමද ? අප සමාජයේ තුළ කතා බහක් ඇති කළ යුතුව තිබේ.

විශේෂයෙන් රතිඤ්ඤා දැල්වීමේදී ඇතිවන අධික ශබ්දය අප අවට වෙසෙන ගෘහස්ථ සතුන්ට පීඩාකාරී වේදනාවක් බව පෙන්වා දෙන ලොව දියුණු රටවල සත්ව හිමිකම් සංවිධාන අනාවරණය කරනුයේ එම පීඩාකාරී වේදනාව දරා ගත නොහැකිව සිහිවිකල්ව දුවන සුනඛ ආදී අකල් මරණ වලට ලක්වූ අවස්ථා නිරතුරුව වාර්තා වන බවය.එමෙන්ම එය බරපතල සත්ව හිමිකම් උල්ලංඝනයක් බවය .ඒ හැරුණු කොට රතිඤ්ඤා වලින් ඇතිවන අධික ශබ්දය නිසා බොහෝ සතුන්ගේ ශ්‍රවණේද්‍රියන්ට හානි සිදුවී කන් නෑසෙන තත්වයක් හට ගත හැකි අතර එම කම්පනය නිසා ඇතැම් සතුන් තම ආරක්ෂාව සලසා ගත නොහැකිව අකල් මරණ වලට පවා ලක්විය හැකි බව ද ඔවුන් විද්‍යාත්මක පදනමින් පෙන්වා දී තිබේ.ඒ අනුව එවන් නොමනා මානව ක්‍රියාකාරකම් වලට එරෙහි වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වේ.
මෙවන් පසුබිමක් යටතේ මෙවර සිංහල අලුත් අවුරුදු මිහිර මිනිස් අප පමණක් විඳගන්නා අතරේ අප ජීවත් වන පරිසරයන්හි අප සමඟම ජීවත් වන සෙසු සතුන් මරණීය අවදානමක ලක් කිරීම කෙතෙක් යුක්ති සහගතදැයි සිතා බලා මේ අලුත් අවුරුදු සමයේ ඒ අනුව කටයුතු කිරීම ඔබට භාර කරමු.

රේණුකා දමයන්ති

හරිත දනව්ව