සඳේ අඳුරු ප්‍රදේශයෙන් පස් ගෙන ආ යානය යළි පොළොවට

මෙතෙක් විද්‍යාඥයන් ගේ අවධානයට යොමු නොවූ සඳෙහි අඳුරු ප්‍රදේශයෙන් පස් සාම්පල කිලෝග්‍රෑම් 2ක් රැගෙන ආ චැංග් ඊ – 6 රොකට්ටුවේ රොබෝ ගවේෂණ යානය ඊයේ(25) සාර්ථකව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. ඊයේ‍ මොංගෝලියාවේ කාන්තාරයකට පතිත වූ චැංග් ඊ- 6 මාස දෙකකට ආසන්න කාලයක් සඳ මත මෙහෙයුම් කටයුතුවල නිරත වූ බව ද වාර්තා වේ.සඳ මත ඇති භෞතික සම්පත් සහ ඒවා මිනිස් වාසයට කෙතරම් දුරට සුදුසු වන්නේ දැයි මේ පස් සාම්පල පරීක්ෂණ මගින් සොයා ගැනීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් නොඉවසිල්ලෙන් යුතුව බලා සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සඳෙහි ඉතා දුරස්ථ කලාපයේ අඳුරු ප්‍රදේශයේ ගවේෂණය කිරීම මෙතෙක් තාක්ෂණිකව අභියෝගයක් බවට පත්වී තිබූ අතර, චීනය එය සාර්ථකව සිදු කර ඇතැයි පැවසේ. එම පස් සාම්පල මගින් සඳෙහි ජල සම්පත්, ඔක්සිජන් සහ හයිඩ්‍රජන් තිබේදැයි ඉදිරි පරීක්ෂණ මඟින් සොයා ගත හැකිවනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාසය පළ කර තිබේ.

කාලීන පුවත්