ජල විදුලි උත්පාදනය සඳහා වන සැලකිය යුතු ජල ප්‍රමාණයක් නිරතුරුව අපතේ යන සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමකින් නැවැත්විය නතර කළ නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී තිබේ.එහි කාන්දුව වැළැක්වීමට මෙතෙක් ගනු ලැබූ විවිධ ක්‍රියාමාර්ග වලින් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකිවී ඇති බව පැවසූ එම නිලධාරින් ජල කාන්දුව වැලැක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන බව ද සභාවට දැනුම්දී ඇත.මෙම තොරතුරු අනාවරණය වූයේබලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වැනිදා රැස් වූ අවස්ථාවේදී ය.