සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු බවට බොහෝ කලක සිට කතිකාවක් පැවති අතර මේ වන විට එවැන්නක් සම්මත වී තිබේ. නමුත් සමාජ මාධ්‍ය අඩවිවල හිමිකාර සමාගම්වල සිට මේවා භාවිත කරන්නන් ආදී බහුතරයක් පවසන්නේ මෙය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙසය.
අද දවස වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පරදවා සමාජ මාධ්‍ය පෙරට පැමිණීමේ ගෝලීය ප්‍රවණතාවක් දක්නට ලැබේ. එය අප රටේ ද පැහැදිලිව දැකිය හැකි දෙයකි. ස්මාර්ට් දුරකතනය ඇති බොහෝ දෙනෙකු තවදුරටත් රූපවාහිනිය ක්‍රියාත්මක කොට ටෙලිනාට්‍ය, ප්රවෘත්ති හෝ වෙනත් වැඩසටහන් බලන්නට උත්සුක වන්නේ නැත. තමාට නිදහස ඇති අවස්ථාවක් බලා සිය ස්මාර්ට් දුරකතනයෙන් ඒවා නැරඹීම බහුලව දක්නට ලැබෙන්නකි. අනෙක ප්‍රධාන ධාරාවේ ප්‍රචාරය වන ප්රවෘත්ති පිළිබඳව ද බොහෝ දෙනෙකුට විශ්වාසයක් නොමැති බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවේශ විය හැකි පුවත් නැරඹීම බහුලව දක්නට ලැබෙන්නකි. මේ හේතුව නිසා එක් එක් සමාජ ජාල මාධ්‍ය අඩවි, චැනල්වලට ලැබෙන නැරඹූම් වාර වැඩි කර ගැනීම පිණිස ද විවිධ උපක්‍රම භාවිත කරති. මේ නිසා සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු බවට බොහෝ කලක සිට කතිකාවක් පැවති අතර මේ වන විට එවැන්නක් සම්මත වී තිබේ. නමුත් සමාජ මාධ්‍ය අඩවිවල හිමිකාර සමාගම්වල සිට මේවා භාවිත කරන්නන් ආදී බහුතරයක් පවසන්නේ මෙය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙසය. සාමාන්‍ය ජනතාවට සිය අදහස් පළ කරන්නට ඇති නිදහස මෙයින් අහුරා දමන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබේ. සමාජ මාධ්‍යවලින් සමාජය කෙරෙහි දක්වන මේ බලපෑම ලෝකයේ දියුණු නොදියුණු රටවල් යනුවෙන් වෙනසක් නොමැතිව සිදුවෙයි. ඒ සඳහා අධ්‍යාපනය, සමාජ ක්‍රමය, ආර්ථික මට්ටම වැනි සාධක අදාළ නොවන බව පෙනී යයි.
යම් අපරාධයක්, අකටයුත්තක් සිදු වූ විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එය නීත්‍යනුකූලව තහවුරු වන තුරු එයට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු පළ නොකරන අතර එසේ හෙළි කිරීම අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට තර්ජනයක් නම් එවැන්නක් කිරීමෙන් ද වැළකී සිටියි. නමුත් සමාජ මාධ්‍ය එසේ ක්‍රියා කරන්නේ නැත. ඕනෑම අයෙකුට ඕනෑම තොරතුරක් පහසුවෙන් පළ කළ හැකිය. එහිදී එම සිදුවීම සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න තහවුරු වීම කෙසේ වෙතත් හෙළිදරව් වූ පුද්ගලයාගේ ජීවිතයට තර්ජනයක් දක්වාම මෙය ගමන් කරයි.
ප්රජාතන්ත්රවාදය රැක ගැනීම සඳහා සමාජ මාධ්‍ය කෙතරම් යහපත් දැයි ලොව පුරා රටවල් 19 ක් අලළා පර්යේෂණයක් පවත්වනු ලැබූ අතර රටවල් සියල්ලමේ ප්‍රතිඵල සමස්තයක් ලෙස ගත් කල 57%ක්ම පවසා සිටියේ එය යහපත් දෙයක් බවය. සිංගප්පූරුව පමණක් ගත් කල එම අදහස දරන්නන්ගේ ප්‍රමාණය 75%ක් විය. කෙසේ නමුත් නෙදර්ලන්තය සහ ප්‍රංශය පමණක් ගත් කල එම අදහස 4% – 10% දක්වා පමණක් පැවතිනි. ඇමරිකා එක්සත් ජනපදයේ මේ අදහස දරන්නන් සිටියේ තුනෙන් පංගුවක් පමණි. කෙසේ නමුත් ජනතා පරමාධිපත්‍යයක් පවතින ප්රජාතන්ත්රවාදී ක්‍රමය තුළ වූ නිදහස නිසා සමාජ මාධ්‍ය ඔස්සේ තනි පුද්ගලයන් වශයෙන් මුහුණ දෙන්නට සිදුවන අහිතකර ක්‍රියාවන් ද බොහොමයකි. මෙයින් ප්‍රධානතම දෙයක් වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපහාස, තර්ජන ආදිය ය. Cyberbullying නමින් හඳුන්වනු ලබන මෙය රටවල්වල, සමාජයන්හි, අධ්‍යාපන මට්ටම්වල වෙනසක් නොමැතිව ලොව පුරා සිදුවෙයි. මෙහිදී සිදුවන්නේ සමාජයේ යම් අකටයුත්තක් කරන ලද පුද්ගලයකු අරභයා තදින් පහර ගැසීමය. මෙය බොහෝ විට සැබෑ සිදුවීම් මත මෙන්ම අපහාස කිරීමේ අරමුණින් ද සිදු වේ. යම් අපරාධයක්, අකටයුත්තක් සිදු වූ විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එය නීත්‍යනුකූලව තහවුරු වන තුරු එයට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු පළ නොකරන අතර එසේ හෙළි කිරීම අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට තර්ජනයක් නම් එවැන්නක් කිරීමෙන් ද වැළකී සිටියි. නමුත් සමාජ මාධ්‍ය එසේ ක්‍රියා කරන්නේ නැත. ඕනෑම අයෙකුට ඕනෑම තොරතුරක් පහසුවෙන් පළ කළ හැකිය. එහිදී එම සිදුවීම සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න තහවුරු වීම කෙසේ වෙතත් හෙළිදරව් වූ පුද්ගලයාගේ ජීවිතයට තර්ජනයක් දක්වාම මෙය ගමන් කරයි. චීනයේ එවැන්නක් සිදු වූ අතර එය සැබෑ සිදුවීමක් වුව ද එයට වරදකරු වූ පුද්ගලයා මුළු මහත් සමාජයෙන්ම මහත් තර්ජනයකට ලක්වෙමින් ජීවත් වන්නට සිදුවිය. එම වදරට දඬුවම හිමිවීමෙන් පසුව පවා ඔහුට සමාජයෙන් ගැලවෙන්නට මහත් අරගලයක යොදන්නට සිදුවිය. ලොව ප්රබලතම අන්තර්ජාල ආරක්ෂණ පද්ධතියක් පවතින චීනයට පවා මෙසේ තර්ජනය කරන පුද්ගලයන් එකවර හඳුනාගන්නට නොහැකි විය.
දියුණු යැයි සම්මත රටක් වන එක්සත් රාජධානියේ පවා සමාජ මාධ්‍ය එරට සමාජය කැලඹීමකට පත් කොට තිබේ. එරට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපයෝජන කොටස් දෙකකට බෙදා තිබේ. එයින් එකක් වන්නේ යම්කිසි ප්‍රේම සම්බන්ධතාවක් තිබී, එය බිඳී ගිය පසු එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන අපහාසයන්ය. මෙය එක්සත් රාජධානිය තුළ බහුලව සිදුවන්නක් බව පෙනී ගොස් තිබේ. එමෙන්ම එරට දියුණු යැයි සම්මත සමාජ ක්‍රමයක් පැවතුන ද, වෙනත් ලිංගික දිශානකියක් ඇති (සමලිංගික, ද්වි ලිංගික වැනි LGBT කාණ්ඩයට අයත්) පුද්ගලයන් අරභයා සිදුවන අපහාසයන් ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් පෙම් සබඳතාවක් බිඳී ගිය විට එක් පාර්ශ්වකරුවෙක් විසින් ඔවුන් දෙදෙනා එක්ව සිට ගත් ඡායාරුපයක් සමාජ මාධ්‍යයක පළ කිරීම අනෙක් පාර්ශ්වකරුවාට අපහසුතාවක් ගෙන දුන්න ද එය පොලිසියේ පැමිණිල්ලක් දැමීමේන් පලක් වන්නේ නැත. එරට නීතිය එසේය. පොලිසිය පවසන්නේ එහි වරදක් පෙනෙන්නේ නැති බවය. නමුත් මෙහිදී සිදුවන්නේ පලි ගැනීමේ ක්‍රියාවක් වන අතර අගතියට පත්වන පාර්ශ්වයට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට ඇති නිදහස අහිමී වී යයි.
උසස් සමාජ ක්‍රමයක් සහ ලොව පිළිගත් අධ්‍යාපන පද්ධතියක් පවතින ස්වීඩනයේ පවා සමාජ මාධ්‍ය මගින් සිදුවන අපයෝජන බහුලව සිදු වෙයි. එක් අවස්ථාවක දී වයස අවුරුදු 15 සහ 16 පසුවන දැරියන් දෙදෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කර තිබුණේ බාල වයස්කාරයන් සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතා දැක්වෙන ඡායාරූප තිබේ නම් තමා වෙත එවන ලෙසය. මෙයට පිළිතුරු ලෙස එවැනි ඡායාරූප බොහොමයක් ලැබී තිබුණු අතර ඔවුන් දෙදෙනා කළේ ඒ සියල්ල සමාජ මාධ්‍යයේ පළ කිරීමය. අවසානයේ මෙය අධිකරණ ක්‍රියාවලියක් දක්වා ගමන් කළ අතර දැරියන් දෙදෙනා වැරදිකාරියන් බවට ඔප්පු වූ බැවින් ඔවුන් දරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය රඳවන්නට පියවර ගැනුණි.
ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට වඩා සමාජ මාධ්‍ය පෙරට පැමිණීමේ ප්රවණතාවේ හොඳ මෙන්ම නරක ද පවතින බැව් පෙනෙන්නට තිබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද එක් අතකට මෙහි වගකීම ගත යුතුව තිබේ. ප්‍රේක්ෂකයන්ට ලබා දිය යුතු, ඔවුන්ගේ රස වින්දනය, දැනුම්වත්භාවය, අධ්‍යාපනය නගා සිටුවන හරවත් අන්තර්ගතයකින් ඒවා සමන්විත කරන්නට උත්සුක වන්නේ නම් තමාගෙන් ගිලිහුණු ප්‍රේක්ෂකයන් නැවත හරවා ගත හැකිව තිබේ. නමුත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නේ නැත.
ලෝකයේ කුමන රටක් ගෙන බැලුව ද සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය කුමක් වුව ද සමාජ මාධ්‍යයන්හි හැසිරීම මෙසේය. ඕනෑම අයෙකුට පහසුවෙන් මේ ක්‍රියාවන් කළ හැකි බැවින් මිනිසුන් තුළ පවතින්නා වූ හික්මීම මෙහිදී අතහැරී යයි. එවිට තමා කරන්නේ යහපත් දෙයක් ද අයහපත් දෙයක් ද යන්න නොසළකා මෙවැනි ක්‍රියාවන්ට පෙලඹෙයි. මේ නිසා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට වඩා සමාජ මාධ්‍ය පෙරට පැමිණීමේ ප්රවණතාවේ හොඳ මෙන්ම නරක ද පවතින බැව් පෙනෙන්නට තිබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද එක් අතකට මෙහි වගකීම ගත යුතුව තිබේ. ප්‍රේක්ෂකයන්ට ලබා දිය යුතු, ඔවුන්ගේ රස වින්දනය, දැනුම්වත්භාවය, අධ්‍යාපනය නගා සිටුවන හරවත් අන්තර්ගතයකින් ඒවා සමන්විත කරන්නට උත්සුක වන්නේ නම් තමාගෙන් ගිලිහුණු ප්‍රේක්ෂකයන් නැවත හරවා ගත හැකිව තිබේ. නමුත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නේ නැත. මේ නිසා සමාජ ජාල කරා දිනෙන් දින නැඹුරු වන ප්‍රේක්ෂකයන් ආපසු හරවන්නට හැකි වේ යැයි පැවසිය නොහැකිය.
නිරංජන් චාමින්ද කරුණාතිලක