සමාජ සේවක සත්ව සුබසාධක ක්‍රියාධරයාගේ සුරතල් සුනඛයාට වෙඩි

ප්‍රකට සමාජ සේවකයකු සේම සත්ව සුබසාධක ක්‍රියාධරයකු ද වන ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත කුමාර රණසිංහ මහතාගේ පොතුහැර අරඹේපොල ගමන්වත්ත පිහිටි නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයාට අසල්වැසියකු වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොතුහැර පොලිසිය කියයි. මිනිස් ජනාවාස ආශ්‍රිතව ජීවත් වන ලදුව ඉකුත් කොරෝනා වසංගත සමයේ ආහාර නොමැති කමින් ජීවිත පවත්වා ගෙන යාමට නොහැකිව සිටි ඇතුගල, මිහින්තලේ, මහනුවර උඩවත්ත කැලේ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක සුනඛයන් සඳහා නිති පතා බත් සහ රිලවුන් සඳහා ආහාර හා පළතුරු ලබාදීමේ වැඩපිළිවෙළක් නිලන්ත කුමාර රණසිංහ දියත් කොට තිබිණ රණසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලට අනුව අසල්වැසි පුද්ගලයා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලීසිය සඳහන් කරයි.රාත්‍රී කාලයේ ගෙවත්තට පැමිණි වල් ඌරකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදු කළ බවත් සුනඛයකු බව දැන ගත්තේ නම් මෙම වෙඩි තැබීම සිදු නොකරන බවත් එම අසල්වැසි පුද්ගලයා පොලීසියට පවසා ඇතැයි කියති.සුනඛයාට වෙඩි තබා මරා දැමීමට යොදා ගත් බව කියන බෝර 12 වර්ගයේ ගිනි අවිය එම අසල්වැසි පුද්ගලයාට වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ලබාදී තිබු ගිනි අවියක් බවත් ඒ සඳහා බලපත්‍රයක් තිබෙන බවත් පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

කාලීන පුවත්