UNICEF සංවිධානය, ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දී ඇති බව වාර්තා වේ.
එන්නත් වැඩසටහනේ පළමු අදියර ජනවාරි 06 වැනි දා දිස්ත්‍රික්ක 09ක පිහිටි 1,600කට වැඩි සායන සංඛ්‍යාවකින් ආරම්භ වීමට නියමිත බව සඳහන්ය.
2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් වාර්තා වී ඇත.
මෙම අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.