සල්ලිකාර කොල්ලන්ට දුප්පත් කෙල්ලන් දූෂණයට ඉඩ සැළසෙන පනතක්

2021 දෙසැම්බර් මස 15 වෙනි දින ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් මගින් අවුරුදු 14ට වැඩි දැරියක සමඟ අවුරුදු 22ට අඩු පිරිමියෙකු ඒ දැරියගේ කැමැත්තෙන් ලිංගිකව හැසිරීම වරදක් නොවන බවට නීති සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සැරසෙන බවට ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයකු වන නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතා චෝදනා කරයි.
” සල්ලිකාර පවුල් වල සෙල්ලක්කාර කොල්ලන්ට දුප්පත් පවුල් වල කෙල්ලන්ව දූෂණය කිරීමට ඉඩ සලන්නයි මේ නීති ගෙන එන්න හදන්නේ.”පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා කීය. එහිදී නීතිඥ තිරාණගම මහතා මහතා වැඩි දුරටත් පවසා සිටියේ අධිකරණ ඇමතිවරයා විසින් ගෙන එන මෙවැනි මානව විරෝධී සදාචාර විරෝධී කැබිනට් පත්‍රිකා අනුමත කිරීමට අනෙක් ඇමතිවරු කටයුතු කරන්නේ කුමක් නිසාද කියා විමසා බැලිය යුතු බවය.

කාලීන පුවත්