ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබේ.මේ වන විට දේශීය වෙළෙඳ පොළේ දැනට පවත්නා නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇතැයි සැලකෙන හානිය පදනම් කර ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා ඇති බවක් ද පැවසෙයි. ඒ අනුව,මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ නාඩු සහලට සමාන ස්වර්ණ නම් සහල් කිලෝ මෙට්‍රික් ටොන් 70000ක් ආයනයනය කිරීමට අමතරව ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව දි මෙම දෙසැම්බර් 20 දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට ආණ්ඩුව තීරණය කොට ඇත. නමුදු ඉහත සඳහන් ආණ්ඩුවේ තීරණය සම්බන්ධයෙන් වලව කලාපයේ ගොවීන් කිහිප දෙනකුම අප හා පවසා සිටියේ ජනතාවාදී ආණ්ඩුවක් ලෙස තමන් ගේ බලවත් විශ්වාසය මත බලයට පත් ජාතික ජන බලවේග රජයේ මෙම තීරණය හමුවේ තමන් අන්දමන්ද වන බව ය.
ආනයනය බලපත්‍ර නොමැතිව සහල් ආයනයනයට පෞද්ගලික අංශයට අවස්ථාවක් ලබා දීමත් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ඊනියා කාබනික ගොවිතැන් ව්‍යාපෘතියට නොදෙවෙනි අවිචාරවත් ක්‍රියාවක් බව අප හා අදහස් පළ කළ වලව කලාපයේ ගොවීන් ගේ පොදු අදහස ය.
එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ සෑම වසරකම යල කන්නයේ අස්වනු නිමා වීමත් සමඟ ඊළඟ මහ කන්නයේ අස්වනු නෙලා නිම වන තුරු රට පුරා තාවකාලික සහල් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන මුත් එය ඊළඟ වසරේ මුල මහ කන්නයේ වී අස්වනු සහල් ලෙස වෙළඳපලට පැමිණීම තෙක් වන තාවකාලික තත්වයක් බව ය. එමෙන්ම යල කන්නයේ වී අස්වනු වල උච්ඡාවචනය වසරින් වසර වෙනස් වන අතර ආණ්ඩුව ඒ සම්බන්ධ ඉතා නිවැරදි ස්ථාවරයක හිඳ ගොවීන් සහල් නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් යන පාර්ශව තුන කෙරෙහි සමෝධානයෙන් යුතුව සහල් මිල කලමණාකරණය කිරීම නිවැරදි ක්‍රමවේදය බව ඔවුන් ගේ මතයයි. නමුදු වත්මන් ආණ්ඩුව ඉදිරි සති කිහිපය තුළ ඇති විය හැකි බව පැවසෙන නාඩු ඇතුළු සහල් වර්ග කිහිපයක හිඟතාවය මඟ හැරීම පිණිස පළමුව සහල් මෙර්ටික් ටොන් හැත්තෑ දහසක් ආනයනය කිරීමටත් ව ඊට අමතරව ලබන දෙසැම්බර් විසි වන දා තෙක් ආනයනය බලපත්‍ර නොමැතිව සහල් ආයනයනයට පෞද්ගලික අංශයට අවස්ථාවක් ලබා දීමත් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ඊනියා කාබනික ගොවිතැන් ව්‍යාපෘතියට නොදෙවෙනි අවිචාරවත් ක්‍රියාවක් බව අප හා අදහස් පළ කළ වලව කලාපයේ ගොවීන් ගේ පොදු අදහස ය.එමෙන්ම ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ පසුගිය කලාපයේ පැවැති අයහපත් කාලගුණික තත්වයෙන් වී අස්වනු අඩුවීම සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇති වූ බවට ආණ්ඩුව දරන මතය හුදෙක් ඔවුන්ගේ ම කල්පිතයක් මිස යථාර්ථයක් නොවන බව ය.
මේ අතර ඉකුත් දා පැවැති අයහපත් කාලගුණික තතවය හමුවේ සිදුවූ වගා හානිය සහල් ආනයනය කිරීමට තරම් බරපතල කාරණයක් නොවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන ද පවසයි. දුමින්ද ප්‍රියදර්ශන යනු ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත මෙම ක්ෂේත්රයට අදාල පශ්චාද් උපාධි කිහිපයක් හිමි වසර ගණනාවක් මෙරට ජීවන වියදම් කමිටුවේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ වෘත්තිමය පර්යේෂකයෙකි. එමෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙකු ද ලෙස කටයුතු කරන ඔහු අදාල ක්ෂේත්රයන් පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම් අත්දැකීම් සම්භාරයක් හිමි කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කළ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ද වේ.කලක් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති මෙන්ම සභාපති ලෙසද වෘත්තීය අත්දැකීම් සම්භාරයක් හිමි කර ගෙන හිඳින දුමින්ද ප්‍රියදර්ශන ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ. ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය ඇතුළු අධ්යක්ෂ මණ්ඩල රැසක සාමාජිකයෙකු වූ මොහු ඔහු දැනට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන අතර එම ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස ද කලක් කටයුතු කර ඇත.
ඉහත කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද ප්‍රියදර්ශන පවසා ඇත්තේ ද එළැඹෙන මහ කන්නයේදී අවම වශයෙන් මාස 7කට ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් ලැබෙන බැවින් අපේක්ෂිත නිෂ්පාදනය සමඟ සමස්ත හානිය සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවයි.එසේම වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 65%ක් පමණ වී නිෂ්පාදනයක් ලැබෙන මහ කන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ 20ක් පමණ වගා කෙරෙන බවත් එමගින් අපේක්ෂිත මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක වී නිෂ්පාදනය මාස 9ක දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් වන බවත් ඔහු පවසා තිබීම අප ගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය. එමෙන්ම මේ මහ කන්නයේ වගා හානිය උපරිමය අක්කර ලක්ෂ 4ක් ලෙස සැලකුව ද එයින් පහළ වැටෙන්නේ සමස්ත නිෂ්පාදනයෙන් 20%ක් බවත් ඉතිරි 80% මාස 7ක දේශීය පරිභෝජනයට හොඳටම ප්‍රමාණවත් බවත් සඳහන් කරන එම විද්වතා එම නිෂ්පාදනය පෙබරවාරි මස සිට ලැබෙනු ඇති බවත් සාමාන්‍යයෙන් සිදු වන අන්දමට මෙවර හානි වූ බිම්වලින් ද යම් කොටසක හෝ නැවත වගාකිරීම් සිදුවන බවත් මෙවැනි හානි මහ කන්නය ආරම්භ වන බොහෝ අවස්ථාවල සිදුව ඇති බවත් පෙන්වා දෙයි.කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ලැබුණු වැසි සමග වී නිෂ්පාදනය කෙරෙන සියලු පෙදෙස්වල වැව් පිරී ගොස් ඇති බැවින් එළැඹෙන යල කන්නය සාර්ථක වනු ඇති බව පවසන ඔහු එසේ සාර්ථක වන යල කන්නයෙන් තවත් මාස 6ක දේශීය පරිභෝජන අවශ්‍යතා සැපිරෙනු ඇති බව ද පවසා තිබේ. ඒ අනුව සිදුව ඇති බව පැවසෙන වගා හානිය නිසා ලබන වසරේදී සහල් ආනයනය කිරීමට කිසිසේත් අවශ්‍ය නොවන නොවන බවත් ඔහු අවධාරණය කර තිබේ..
සිය පාලන සමය තුළම කිරි හොද්දට සීනි දමා කිරි තේ එකට ලුනු දැමීම වැනි අමනෝඥ දේශපාලන තීරණ මුල් කොට ජනතාවට විඳින්නට සිදු වූ අනේක විධ දුක් පීඩා මුල් කොට ජනතාව විසින් බලයෙන් පහ කරනු ලදුව එතෙක් සමාජය විසින් තමන් වෙත පුදකොට තිබූ “වැඩ කරන වීරයා” පිළිබඳ ප්‍රතිරූපය “වැඩ අනන මෝඩයා” බවට පත් වන අතරේ තම ජනපති පදවිය ද අතහැර බියෙන් පලා යාමට ඔහුට සිදු විය.වතමන් ආණ්ඩුව ද මේ ගැන විශේෂයෙන් සිතා බැලිය යුතු ය. එමෙන්ම වත්මන් ආණ්ඩුව ආනයන බලපත්‍ර වලින් තොරව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට දී ඇති අවසරය මුල් කොට ද වත්මන් මහා පරිමාන සහල් මෝල් හිමියන් ගේ නියෝජිතයන් වැඩිම ලාභයක් උපයා ගත හැකි සහල් විශේෂ ආනයනය කොට ඒවා දේශීය සහල් සහ මුසු කොට වෙළඳ පලට නිකුත් කිරීමට ඇති අවදානම ද නොතකා හරිනු නොහැක.
“පසුගිය කාලයේ ඇතිවුණු වැසි තත්වය අයහපත් කියලා හඳුන්වන්න ගොවිතැන ජීවනෝපාය කර ගත්තු අපට නම් කිසිසේත්ම බැහැ.වැස්ස තමයි ගොවිතැන් බත් වලට ජීවය දෙන ප්‍රධාන ආශීර්වාදය. නමුත් පහුගිය වැහි මුර කිහිපය නිසා අපේ වලව කලාපයේ වී ගොවිතැන් වලට ලැබුණු වාසියට සාපේක්ෂව පහුගිය වැහි මුර හින්දා රට පුරාම මේ මහ කන්නයේ අස්වනු ඉහල යාමටත් හේතු වෙන්න පුළුවන්. අපි හිතන්නේ මුළු රටේම වී අස්වැන්න සම්බන්ධයෙන් වුණත් මේ සැරේ සිදුවෙලා තියෙන්නේ සීයට පහකටත් අඩු වගා හානියක්. ඒ වගේම් මේක වී අස්වනු වලට ඇති වුණු හානියකුත් නෙවෙයි.ජනවාරි පෙබරවාරි වගේ කාල වල මෙහෙම දෙයක් වුණා නම් වැඩේ තරමක් බරපතලයි.නමුත් පුදුමේ කියන්නේ පහුගිය වැහි කාලේ අතරේම ආණ්ඩුව වගා හානි තක්සේරු කරන්න හදිසි වුණු එකයි” වලවේ ගොවීන් කිහිප දෙනකු කළ එම ප්‍රකාශය මෙරට පොදු සමාජයේ අවධානයට ද ලක් වීමේ දොසක් නොමැති වීම මත මම එය මෙලෙස මෙහි සටහන් කරමි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වල කිසියම් නුපුරුදු ආධුනික බවක් පළ වන බවට වන විවිධ අදහස් පළ වෙමින් තිබේ. එවිට ආණ්ඩුවේ පාර්ශවයෙන් ඊට ලැබෙන පිළිතුරක් ද තිබේ. එනම් “පළපුරුදු හොරුන්”ට වඩා “නුපුරුදු අවංකයන්” රටට වැඩදායක බව ය. මෙහි දී අපට එක්වරම සිහිවනුයේ හිටපු ජනපති ගෝඪාභය රාජපක්ෂ පාලන සමයයි. අනේක විධ වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් කප්පරක් චෝදනා ලත් රාජපක්ෂ පවුලෙන් දේශපාලනයට පිවිසි එවැනි චෝදනා නොමැති එකම සාමාජිකයා ගෝඨාභය රාජපක්ෂ ය. එහෙත් ආණ්ඩුවේ නිර්නායක අනුව ඔහු ද “නුපුරුදු අවංකයෙකි”. නමුදු සිය පාලන සමය තුළම කිරි හොද්දට සීනි දමා කිරි තේ එකට ලුනු දැමීම වැනි අමනෝඥ දේශපාලන තීරණ මුල් කොට ජනතාවට විඳින්නට සිදු වූ අනේක විධ දුක් පීඩා මුල් කොට ජනතාව විසින් බලයෙන් පහ කරනු ලදුව එතෙක් සමාජය විසින් තමන් වෙත පුදකොට තිබූ “වැඩ කරන වීරයා” පිළිබඳ ප්‍රතිරූපය “වැඩ අනන මෝඩයා” බවට පත් වන අතරේ තම ජනපති පදවිය ද අතහැර බියෙන් පලා යාමට ඔහුට සිදු විය.වතමන් ආණ්ඩුව ද මේ ගැන විශේෂයෙන් සිතා බැලිය යුතු ය. එමෙන්ම වත්මන් ආණ්ඩුව ආනයන බලපත්‍ර වලින් තොරව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට දී ඇති අවසරය මුල් කොට ද වත්මන් මහා පරිමාන සහල් මෝල් හිමියන් ගේ නියෝජිතයන් වැඩිම ලාභයක් උපයා ගත හැකි සහල් විශේෂ ආනයනය කොට ඒවා දේශීය සහල් සහ මුසු කොට වෙළඳ පලට නිකුත් කිරීමට ඇති අවදානම ද නොතකා හරිනු නොහැක.
“පළපුරුදු හොරුන්” හා “නුපුරුදු අවංකයන්” සම්බන්ධ උභතෝකෝටිකයේ දී පළපුරුදු හොරුන් බිහි කෙරෙන හා ප්‍රවර්ධනය කෙරෙන ප්‍රධාන සාධකය වන ලිබරල්වාදී ආර්ථිකය ගැන ද අප විමසිලිමත් විය යුතු ය. ඇතමකුට අවජාතක ලෙස පෙනී යා හැකි එම ආර්ථිකය රාජ්‍ය යාන්ත්‍රණය නම් නාස් ලනුව දමා මෙල්ල කර ගත යුතු ප්රචණ්ඩ ගවයකු මිස ගෙල සිඳ වනසා දැමිය යුතු මකරකු නොවන බව අපගේ වැටහීම ය.
නමුත් මෙහි වඩාත්ම බරපතල කාරණය එය නොවේ.ආනයන පාලන බලපත්‍ර වලින් තොරව මේ වසර අවසානයේ දේශීය වෙළෙඳ පලට එක් වන විදේශීය සහල් නිසා මෙවර මහ කන්නයේ වී අස්වනු තුට්ටුවට බැසීමට ඇති පහසු හැකියාවයි. එවිට සිදුවන්නේ ආණ්ඩුවේ දැඩි අප්‍රසාදයට පත්ව හිඳින මහා පරිමාන සහල් මෝල් හිමියන්ට එම වී අස්වනු ඉතා අඩු මිලට ලබා ගෙන තමන් භාරයේ තබා ගෙන අධික ලාභයක් ලැබීමට ඇති පහසු අවකාශයයි. එය ආණ්ඩුවම පවසන සහල් මෝල් කරුවන් ගේ මාෆියාව තව දුරටත් තරකොට එය හමුවේ ආණ්ඩුව නියත පරාජයක් බාර ගැනීමකි.
“පළපුරුදු හොරුන්” හා “නුපුරුදු අවංකයන්” සම්බන්ධ උභතෝකෝටිකයේ දී පළපුරුදු හොරුන් බිහි කෙරෙන හා ප්‍රවර්ධනය කෙරෙන ප්‍රධාන සාධකය වන ලිබරල්වාදී ආර්ථිකය ගැන ද අප විමසිලිමත් විය යුතු ය. ඇතමකුට අවජාතක ලෙස පෙනී යා හැකි එම ආර්ථිකය රාජ්‍ය යාන්ත්‍රණය නම් නාස් ලනුව දමා මෙල්ල කර ගත යුතු ප්රචණ්ඩ ගවයකු මිස ගෙල සිඳ වනසා දැමිය යුතු මකරකු නොවන බව අපගේ වැටහීම ය. ඒ නිසා රටේ ආර්ථිකය සේම ජන ජීවිතය සම්බන්ධ මෙවන් තීරණාත්මක කරුණු වල දී තම අවංක භාවයට වඩා ඉහළින් කැපී පෙනෙන නුහුරු නුපුරුදු භාවය පිටුදැකීම පිණිස ආණ්ඩුව අදාල පළපුරුදු පාර්ශවයන් ගේ සහාය ද ගත යුතු බව අපගේ වැටහීම ය. නොඑසේ නම් එය වත්මන් ආණ්ඩුව තමන් ද නොදැනුවත්වම කෙරෙන තමන්ට ජීවය දුන් මෙරට ගොවි ජනතාවගේ ගෙල මිරිකීමක් වීමට ද බැරිකමක් නැත.
රේණුකා දමයන්ති