සහල් ප්‍රශ්නයට විසඳුමක් දීමට නම් ගොවීන් ගේ වී වලට සහතික මිලක් දිය යුතුයි

වර්තමානයේ පවතින සහල් ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට නම් ගොවීන් ගේ වී වලට රජය මඟින් සහතික මිලක් ලබා දිය යුතු බවත් එසේ නොදීමට හේතුව ඔවුන් (රජයෙන් )ම අසා සිටිය යුතු බවත් මහා පරිමාන සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.”හාල් ප්‍රශ්නය ඉවර කරන්න පුළුවන් ගොවියන්ගෙ ප්‍රශ්නය ඉවර කළොත්. නැත්නම් ඉවර කරන්න බෑ. එච්චරයි. ගොවියන්ගෙ ප්‍රශ්නය වී මිල. සහතික මිලක් දෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම. ඒක දෙන්නෙ නැත්තෙ ඇයි කියලා දෙන්නෙ නැති අයගෙන් අහන්න”යනුවෙන් ඒ මහතා පැවසුවේ ඊයේ (03) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

කාලීන පුවත්