සහල් මෝල් හිමියන් කීරි සම්බා හංගලා;අපි ඒ වගේ සහලක් රටින් ගේනවා

එළඹෙන නත්තල් සහ අළුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.රටේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙළඳපොළට කීරි සම්බා සහල් තොග නිකුත් නොකර සඟවා තබා ගැනීම නිසා මේ වන විටත් වෙළඳ පලේ කෘත්‍රිම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය කොට ඇති බැවින් එම හිඟය මඟහැරීම සඳහා මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්