සා.පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ලබන 17 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම හෙට (11) වනදා මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම විභාග අපේක්‍ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමද තහනම් වෙයි.

 

කාලීන පුවත්