මෙතෙක් ජාතික හැඳුනුම්පත් තහවුරු කිරීමේ ලිපි ලබාගෙන නොමැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට 2025 මාර්තු 15වනදා පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා එම ලිපි ලබාගත හැකි බව දැනුම්දී තිබේ.
ඒ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින්.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව සහ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගත හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.