යුක්රේන නියෝජිත පිරිසක් සමඟ සාම සාකච්ඡා සඳහා ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සූදානම් වුවද ඒ සඳහා යුක්රේනය මධ්‍යස්ථ ස්ථාවරයක් ප්‍රකාශ කළ යුතු බව රුසියානු ස්ථාවරය වී තිබේ.. හමුදාකරණයෙන් ඉවත් වීම, යුක්රේනය කිසිදා නේටෝවට සම්බන්ධ නොවීම වැනි කොන්දේසි මේ සඳහා ඉදිරිපත් කර තිබේ.යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි රුසියානු ජනපති සමඟ සාකච්ඡාකිරීමට කැමතිි බව ප්‍රකාශ ඇතත් එය යථාර්ථයක්කර ගැනීමට නම් යුක්රේන ජනපතිවරයා රුසියාවේ කොන්දේසි සඳහා කැමැත්ත ප්‍රකාශ කළ යුතු බවට රුසියාව කරන ප්‍රකාශය අතිශය සැක සහිත බව යුද විචාරකයෝ පවසති.