සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සම්බන්ධයෙන් සිසු සිසුවියන්ට දැනුවත් කිරීමක්

අද පැවත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාසැල් අයදුම්කරුවන්ට ඉදිරියේදී එම විභාගය සඳහා පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙම වසරේ 12වන ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත එම විභාගයට තම පාසැල් මඟින් අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබා දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් අවශ්‍යවේනම් විභාග දෙපාර්තමේන්තුව මඟින් විමසීම් සිදු කළ හැකියි.

2019, 2020, 2021 සහ 2022 වර්ෂවල 12වන හේ්‍රණියේ ඉගෙනුම ලැබූ සිසුන් වෙනුවෙන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද පැවැත්වෙනවා. ඒ, පෙරවරු 9 සිට මධ්‍යහ්න 12යි 10 දක්වායි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,269කදී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

කාලීන පුවත්