සිපෙට්කෝ ඉන්ධන මිලත් ළඟදීම ඉහළට

දැනට පවතින බොරතෙල් මිල තව දුරටත් මේ ආකාරයෙන්ම පැවතීම මත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 48.30 ක අලාභයක් දැරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.එමෙන්ම පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 15.68 සිදුවන බවද පැවසූ සභාපති වරයා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ එම පාරිභෝගිකයන් ද සිපෙට්කෝ බෙදුම්හල් වෙත ඇදී ඒම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභය තව දුරටත් ඉහළ යන බව ද පැවසීය.මෙම තත්වය මුල් කොට ඉන්ධන මිල වැඩි කිරීමක් අත්‍යවශ්‍ය වන බව රජයට දැනුම් දුන් බවත් ඒ අනුව නුදුරේදීම මිල වැඩි කිරීමක් සිදු වුණු ඇති බවත් අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විජේසිංහ මහතා පැවසීය.

කාලීන පුවත්